නියාගම ප්‍රාදේශීය සභා පිටිගල නව උප කාර්යාල පරිශ්‍රය 2017 නොවැම්බර් මස 21 වන දින විවෘත කිරීමෙන් පසු පිටිගල ප්‍රදේශයේ පරිපාලන කටයුතු
මෙමගින් සිදු කරනු ලබයි.
මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර බිම් මහල අඩි 12X10 ප්‍රමාණයේ
කඩ කාමර විසි එකකින් සමන්විත වන අතර, පළමු මහල කඩ කාමර 17 කින් සමන්විත වේ. මෙම පරිශ්‍රයට පිටුපසින් පිටිගල ඉරිදා සතිපොළ පරිශ්‍රය පිහිටුවා ඇති අතර සෑම ඉරු දිනකම සති පොළ පැවැත්වීම සිදු කරයි.
නියගම ප්‍රාදේශිය සභාව සතු වන වරිපනම් මෙම උප කාර්යාලය පරිශ්‍රය මගින් මෙහෙයවනු ලබයි. වරිපනම් හයසිය විසි එකකින් (621) සමන්විත වේ.